වතු ඉඩම් හෙක්ටයාර් තිස්නවදහසක් වල්බිහි වී තිබෙන බව අනාවරණයවේ
ලෝකයේ වත්මන් තත්ත්වය තේරුම් ගෙන මෙරට වෘත්තිය සමිති ව්‍යාපාරය නව කතිකාවක් ආරම්භ කල යුතු යැයි ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
නව ආර්ථික හා දේශපාලන නිම්නයකට යායුතුව තිබෙ. ලංකා වතු සේවා සංගමයේ සියවන සංවත්සර උත්සවයට එක්වෙමින් ඔහු මේ බව කිවේය.
බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ එය පැවැත්වුණි. වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකලත් වතු සමාගම්වලට වතු පවරාදිමේදි අත්සන් කල ගිවිසුම එම සමාගම්වලට වාසිදායක ලෙස සකස් වි ඇති නිසා එම මුදල ලබාදිමේ ගැටලු පවතිී.
පැවති සෑම රජයක්ම වතුවල ගැටලුවලට වගකිව යුතුව තිබෙ. මේ වනවිට වතු ඉඩම් හෙක්ටයාර් තිස්නවදහසක් වල්බිහි වී තිබෙ. එම ඉඩම් වතු කම්කරුවන්ට හා ජනතාවට වගා කිරිමට පමණක් බෙදා දිය යුතුය. දේශපාලන හෝ ජාතිී ආගම් බේදයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදිව සිය වෘත්තිය සමිතිය පවත්වාගෙන යන ලංකා වතු සේවා සංගමය සෙසු වෘත්ති සමිතිවලට පක්ෂ වලට ආදර්ශයක් බව ඇමතිවරයා කිවේය.