විදේශ විනිමය උපයා ගැනීමට සාර්ථක ව්‍යාපෘති සැලසුම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

Share Button

විදේශ විනිමය උපයා ගැනීමට සාර්ථක ව්‍යාපෘති සැලසුම් කරන්නැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දෙයි.

ඉදිරියේදී මෙරට විදේශ විනිමය මගින් ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළීබඳව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් සමග මුදල් අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව කීවේය. විදේශ ණය ලබාගැනීමේදී එම ණය පියවීම පිළීබදව සලකා බලා සාර්ථක ව්‍යාපෘති පමණක් ක්‍රියාත්මක කළයුතුය. එම ව්‍යාපෘති ඔස්සේ විදේශ විනිමය උපයා ගැනීමට අවශ්‍ය සැලසුම් සැකසිය යුතුය. සාගර සම්පත් විශ්ව විද්‍යාලය සදහා වන ව්‍යාපෘතිය අගමැතිවරයාගේ විශේෂ අවධානයට යොමුවිය. එම ව්‍යාපෘතිය ඊට යාබද ප්‍රදේශයේ සංවර්ධනයද ඉලක්ක කරගනිමින් ක්‍රියාවට නැංවන්නැයි අගමැතිවරයා බලධාරින්ට දැනුම් දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...