ශ්රිී ලංකන් ගුවන් සමාගමේ භාණ්ඩ ප්‍රවාහන සේවා ගමනාන්ත 26 ක් කරා
ශ්රිී ලංකන් ගුවන් සමාගම ගමනාන්ත 26 ක් සදහා භාණ්ඩ ප්‍රවාහන ගුවන් මෙහෙයුම් පවත්වයි. වර්තමාන වෙලෙදපොල වෙනස්කම් සැලකිල්ලට ගැනීමේ දී ප්‍රධාන ගුවන් මාර්ගවල භාණ්ඩ ප්‍රවාහන වෙලෙදපොලට පිවිසීමට වත්මන් තත්ත්වය හොඳ අවස්ථාවකි. ඒ යටතේ සමාගමේ දැනට ඇති ව්‍යාපාර ආකෘතිය උපායමාර්ගිකව වෙනස් කිරීමට සැලසුම් කර ඇත.
මෙම වැඩපිළිවෙලට උපයෝගී කර ගැනීම සදහා ශ්රිී ලංකන් ගුවන් සමාගම කල්බදු පදනම මත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙයි. ඒ සදහා ද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.