තැපැල් සේවය පුර්ණ නවීකරණයකට
මෙරට තැපැල් සේවය පුර්ණ නවීකරණයකට ලක් කිරීමේ අවශ්‍යතාව ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි. යාපනය වඩුක්කෝට්ටේ අලුතින් ඉදිකළ තැපැල් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඇමතිවරයා අද සහභාගී විය.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තව පැවති සමයේ තැපෑල ඉටුකළ සේවය ඇමතිවරයාගේ ඇගයීමට ලක් විය. එම කාලය තුළදී සායනික රෝගීන්ගේ බෝ නොවන රෝගීන් සදහා ඖෂධ පැකට් ලක්ෂ 17 ක් බෙදා හැරීමට තැපෑල සමත් වු බව ඇමතිවරයා පෙන්වා දෙයි.