ආනයනිත පොල්තෙල් සමග වෙනත් තෙල් වර්ග මුසු කිරිම තහනම්

Share Button

ආනයනිත තෙල් සමග වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරිම තහනම් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ. ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ඇමති බන්දුල ගුණවර්ධන මහතා පාරිභෝගික අධිකාරියට උපදෙස් දී තිබෙ. ආනයනිත තෙල් වර්ග වලට අනෙකුත් තෙල් වර්ග මිශ්‍ර කිරිමට අවසර දෙමින් 2016 නිකුත් කර ඇති ගැසට් නිවේදනය අවලංගු කරන්නැයිද ඇමතිවරයා උපදෙස් දී ඇත. වර්තමානයේ මතු වී ඇති පොල්තෙල් ගැටලුවට පසුගිය රජය සමයේ නිකුත් කෙරුණු එම ගැසට් නිවේදනය හේතු වූ බව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදි ඇමතිවරයා සදහන් කළේය

වෙළෙඳපලේ පරීක්ෂාවට ලක් කළ පොල්තෙල් සාම්පල 55 ක පිළිකාකාරක නොමැති බව හෙළි වෙයි.

පාරිභෝගික අධිකාරිය සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පොල්තෙල් සාම්පල 125 ක් පරීක්ෂණයට ගෙන ඇති අතර දැනට පරීක්ෂා කර ඇති සාම්පල් 55 ක ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය අඩංගු නොවන බව තහවුරු වි තිබෙ . ප්‍රසිද්ධ වෙළෙඳ නාම සහිත පොල්තෙල් සාම්පලද ඒ අතර වෙයි  ඒවා පරීක්ෂා කිරිම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට හා පොල් සංවර්ධන මණ්ඩලයට පවරා තිබෙඩ්€ඤු් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් දශිත නිරෝෂණ මහතා පැවසුවේ දැනට පරීක්ෂණ අවසන් කර ඇති සාම්පලවල විශේෂ ගැටලුවක් නොමැති බවයි.

එමනිසා වෙළෙඳපලේ ඇති පොල්තෙල් සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇතිකරගත යුතු නැතැයි ඔහු සදහන් කළේය. මේ අතර පෞද්ගලික සමාගම් කිහිපයක් ආනයනය කර ගුදම් වල ගබඩා කර තිබු පොල්තෙල් තොගවල ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය අඩංගු බව කාර්මික තාක්ෂණ ආයතනය කළ තත්ව පරීක්ෂණ වලදී තුන්වන වතාවටත් තහවුරු වී තිබෙ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය සහ ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය මීට පෙර කළ පරීක්ෂණ වලින්ද ඒවායේ ඇෆ්ලටොක්සින් අඩංගු බව තහවුරු විය  එම ගුදම් වලින් ගත් පොල්තෙල් සාම්පල වල පරීක්ෂණ ප්‍රතිඵල කාර්මික තාක්ෂණ ආයතනය පාරිභෝගික සේවා අධිකාරියට ඊයේ යොමු කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...