කොවිඩ් වෛරසය පාලනයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැඩි තින්දු තිරණ රැසක්
පසුගිය දිනවලදී ජනතාවගේ හැසිරීම හේතුවෙන් යළිත් රට තුල කොරෝනා වෛරසය පැතිරී යාමේ අවදානමක් හටගෙන තිබේ. එය පාලනය කිරීම සඳහා දැඩි තීන්දු තිරණ ගැනීමට විශේෂ ක්‍රියාකාරි කාර්යය සාධන සමලෝචන කමිටුව සෞඛ්‍ය ඇමතිවරියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදි ඊයේ රැස්විය. මෙම විශේෂ කාර්යය සාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිලධාරින් විශේෂඥ වෛද්‍යවරුන් හා මහාචාර්යවරුන්ගෙන් සමන්විත වෙයි.
දැඩිසත්කාර ඒකකවල ඇදන් ධාරිතාව වැඩිකිරිම, කෝවිඩ් රෝගීන්ට අවශ්‍ය හයි ෆ්ලෝ ඔක්ෂිජන් ලබාදී දත්ත රැස්කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරිම, සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂක ඇඳුම් වැඩිපුර ලබාදීම, කෝවිඩ් රෝගීන් වෙන් වෙන් වශයෙන් සුදුසු රෝහල්වලට යොමුකිරීම, ප්‍රාදේශිය හා දිසත්‍රික් මට්ටමින් තවත් රෝහල් හඳුනාගැනීම ඒවාට පහසුකම් සැපයීම ඇතුඑ කරුණු රැසක් මෙහිදි සාකච්ඡාවට යොමුවිය. පී සී ආර් පරික්ෂණ සංඛ්‍යාව අවම වශයෙන් දිනකට පහලොස්දහසක් දක්වා වැඩිකිරීමට මෙහිදි තීරණය කෙරිණ. නිරෝධායන නීති සැමට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට ද ක්‍රියාත්මක කෙරේ. ඒවා කඩ කරන්න්නට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගවලට එළඹීමට නියමිතයි. විදෙස්ගතව සිට පැමිණෙන අය සඳහා ද විශේෂිත නිරෝධායන නීති සකස් කෙරේ.