ඔක්සිජන් නොමැතිව ආසාදිතයන් මියයාම සාපරාධි ක්‍රියාවක් බවට අලහබාද් මහාධිකරණයෙන් ප්‍රකාශ කරයි
ඔක්සිජන් නොමැතිව කොරෝනා ආසාදිතයන් මියයාම සාපරාධී ක්‍රියාවක් සහ ජන සංහාරයක් බව ඉන්දීයාවේ අලහබාද් මහාධිකරණය ප්‍රකාශ කර ඇත. මේ දිනවල දැඩි මතභේදයට තුඩුදුන් උත්තර් ප්‍රදේශයේ ඔක්සිජන් නොමැතිව රෝගීන් මියයාමේ සිද්ධියට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මෙම තීරණය ප්‍රකාශයට පත්කර තිබේ.
ගතවු පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉන්දියාවෙන් වන අතර එම ගණන 3 ලක්‍ෂ 82 දහසකට අධික බව වාර්තාවේ. ඒ අනුව මේ දක්වා ඉන්දියාවෙන් වාර්තා වු මුලු කොවිඩ් ආසාදිතයන් ගණන දෙකෝටි 6 ලක්‍ෂය ඉක්මවා තිබේ. අමෙරිකාවෙන් පසුව කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන දෙවන රට වන්නේ ඉන්දියාවයි.
කොවිඩ් ආසාදිතයන් ලක්‍ෂ 3 කට අධික ප්‍රමාණයක් අඛණ්ඩව වාර්තා වන 13 වන දිනය ලෙස ඊයේ දිනය සැලකේ. ඊයේ දිනයේ පමණක් කොවිඩ් ආසාදිත මරණ 3 දහස් 449 ක් වාර්තාවෙයි. දිනෙන් දින ඉහළ යන ආසාදිතයන් ප්‍රමාණය සිීග්‍ර ලෙස වැඩිවීම හේතුවෙන් මුලු රටම අගුලු දමන ලෙස විවිධ පාර්ශව ඉන්දීය රජයට බලපෑම් එල්ල කරයි.