බංග්ලාදේශ සංචාරයේදි යොවුන් ක්‍රිඩකයන් ජාතික කණ්ඩායමට
බංග්ලාදේශ සංචාරයේදී යොවුන් ක්‍රිඩකයින් කිහිප දෙනෙකුටම අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමු වෙයි. 2023 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද ඉලක්ක කර ගනිමින් එම අවස්ථාව ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රකාශකයෙක් ගුවන් විදුලියට පැවසීය. යොවුන් වේග පන්දු යවන්නන් දෙපලක් වන බිනුර ප්‍රනාන්දු සහ ශිරාන් ප්‍රනාන්දු යන ක්‍රිඩකයින් කෙරෙහිද අවධානය යොමුව ඇත. මේ හේතුවෙන් බංග්ලාදේශ සංචාරයේ ශ්‍රී ලංකා එක්දින සංචිතයේ ස්ථානය ජ්‍යෙෂ්ට ක්‍රිඩකයින් කිහිප දෙනෙකුට අහිමි වනු ඇත. මෑත කාලයේ දක්ෂතා අතර සිටින ධනංජය ලක්ෂාන් ජනිත් ලියනගේ කමිල් මිෂාර යන ක්‍රිඩකයින් කෙරෙහිද බංග්ලාදේශ සංචාරයේදී අවධානය යොමුවේ. මේ මස 16 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ සංචාරය ආරම්භ කරයි. කණ්ඩායම් දෙක අතර එක්දින ජාත්‍යන්තර තරග 3 ක් පැවැත්වේ.