මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරිමේ කඩිනම් වැඩපිළිවෙලක්
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරිමේ කඩිනම් වැඩපිළිවෙලක් කෙරෙහි තරුණ හා ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි. ඊට අදාල සාකච්ඡාවක් එම අමාත්‍යංශයේ දි පසුගියදා පැවැත්විණ. බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරිමේ පංචවිධ කරුණු අතර මත්ද්‍රව්‍ය සමාජයෙන් තුරන් කිරිම ප්රමුඛ ගණයෙහිලා සැලකේ. ඒ යටතේ මත්ද්‍රව්‍ය රටතුළට ගෙන්විම නැවැත්විම. මත්ද්‍රව්‍ය සදහා ඇති ඉල්ලුම අඩු කිරිම. මත්ද්‍රව්‍ය සදහා යොමුවූවන් බන්ධනාගත කිරිම යන කරුණු හදුනා ගෙන තිබෙ. මෙම සාකච්ඡාවේදි වඩාත් අවධානය යොමු වූයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සිරගත නොකොට පුනරුත්ථාපනය කර වෘත්තිය පුහුණුවක් ලබාදෙමින් සමාජයට වැඩදායි පුරවැසියන් ලෙස යොමු කිරිමයි. ඒ සදහා අපේක්ෂිත ව්‍යාපෘති සැලැස්මක් මෙහිදි ඉදිරිපත් කෙරිණ. එහිදි බන්ධනාගාර ගත කළ යුතු සමාජගත කළ යුතු සහ නේවාසිකව පුනරුත්ථාපනය කළ යුතු අය වෙන් වෙන් වශයෙන් හදුනාගෙන ව්‍යාපෘති සැලැස්ම ක්‍රියාත්මක කළ යුතු බවට යෝජනා විය. මෙම සැලැස්ම සදහා විධායක හා කළමනාකරණ කමිටු පත්කිරිමද එහිදී සිදු කෙරිණ.