ඉන්දියාවේ පැතිර යන කොවිඩ් ප්‍රභේදය මෙරටින්
ඉන්දියාවේ පැතිර යන බී එක 617 කොවිඩ් ප්‍රභේදය පලමු වරට මෙරටින් හදුනා ගැනේ. එය නිරෝධායන මධ්‍යස්ථානයක සිටි විදෙස්ගතව සිටි පුද්ගලයෙකුගෙන් වාර්තා වී ඇතැයි ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා ශෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. ජාන විශ්ලේෂණ පරීක්ෂණ අඛන්ඩව සිදු කෙරෙන බව හෙතෙම සදහන් කරයි.