මෙරටට පැමිණෙන ගුවන් යානා සදහා ගුවන් තොටුපල විවෘත කෙරේ

Share Button

මෙරටට පැමිණෙන ගුවන් යානා සදහා අද සිට ගුවන් තොටුපල විවෘත කෙරෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටි. එහෙත් ඉන්දියානු සහ වියට්නාම ජාතිකයින්ට මෙරටට පැමිණිමට අවසර නොලැබේ.

ඉකුත් දින 14 තුල ඉන්දියාවේ හා වියට්නාමයේ රැදි සිටි හෝ එම රටවල ගුවන් තොටුපල අතරමැදි ගුවන් තොටුපලක් ලෙස භාවිත කල ශ්‍රි ලාංකිකයින්ට සහ වෙනත් සංචාරකයින්ට ද එම තහනම බලපැවැත්වේ. අදාල රටවල කොවිඩ් වසංගත තත්ත්වය සලකා බැලිමෙන් පසු සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි මෙම තීරණයට රජය එලැඹ ඇත.

සෙසු රටවල් සම්බන්ධයෙන් දැනට එවැනි තිරණයක් ගෙන නොමැති බැවින් එම රටවල රැදි සිටින ශ්‍රි ලාංකිකයින්ට හා සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ලංකාවට පැමිණිය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...