අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ ගණනාවකට බලපෑම්

Share Button

අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ ගණනාවකට බලපෑම් එල්ලවෙයි. පහත් බිම් රැසක් ජලයෙන් යටවී පවති. බුලත්සිංහල මෝල්කාව මාර්ගයේ පරගොඩ සහ යටගම්පිටිය ප්‍රදේශ ඒ අතරවෙයි. පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ද ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී පවතී. මීරිගම රද්දල්ගොඩ තිරුවානවත්ත ප්‍රදේශයේ නිවාස කිහිපයක් ද ජලයෙන් යටවි තිබේ.

පවතින වැසි හේතුවෙන් කළු ගගේ සහ ගිං ගගේ ජල මට්ටම ඉහල ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. කළු ගගේ ජල මට්ටම ඉහල යාම නිසා ඉංගිරිය හොරණ මදුරාවල මිල්ලනිය ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවිීමේ අවදානමක් පවතී. එමෙන්ම ගිං ගගේ ජල මට්ටම වැඩිවීම නිසා නෙළුව සහ තවලම ප්‍රදේශවල පහත් බිම් අවදානමට ලක්වී ඇත.

කැලනි ගග සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ද ඉහල යමින් පවතී. මේ නිසා ගම්පහ මිනුවන්ගොඩ කටාන සහ ජාඇල ප්‍රදේශවලට යම් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂ එස් පී සී සුගීෂ්වර මහතා පවසයි. මාර්ග අවහිතා කිහිපයක් වාර්තාවී ඇතැයි ආපදාකළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා පවසයි. ඕනෑම ආපදා තත්ත්වයකදි 117 දුරකථන අංකය මගින් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය අමතන ලෙස ඔහු ඉල්ලිමක් කරයි.

මේ අතර කොළඹ, ගාල්ල, කෑගල්ල, කළුතර, මාතර, නුවරඑළිය සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවලට නිකුත්කල නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත් බලපැවැත්වෙයි. කෑගල්ල දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයාම් අනතුරු ඇගවිමක් නිකුත්කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටත් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙඑව කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර බුලත්සිංහල මාතර පිටබැද්දර නුවරඑළිය වලපනේ රත්නපුර අයගම හා කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙමගින් අනතුරු අගවා තිබේ. මෙම ප්‍රදේශවල ජනතාව පවතින වැසි තත්ත්වය පිළිබදව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතුය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...