ගිනිගත් නෞකාවෙන් පරිසරයට සිදුවු හානිය පියවා ගැනිමට නෛෙතික ක්‍රියාමාර්ග

Share Button

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශවිමෙන් මෙරට පරිසර පද්ධතියට වු හානිය වෙනම තක්සේරු කර පාඩුව පියවාගැනිමට නීතිපති දෙපාර්තමේන්තුව මගින් නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා පවසයි. ඒ සදහා සමුද්‍රිය පරිසර අධිකාරය හා නාරා ආයතනය මේ වන විට වෙන වෙනම පරික්ෂණ ආරම්භ කර තිබේ.

නැව ගිනිගැනිමත් සමග විසිරි ගිය ප්ලාස්ටික් හා පොලිතින් වලින් මුහුදු ජලයට වෙරළ තීරයට මත්ස්‍ය සම්පතට හා වායු ගෝලයට සිදුවු හානි පිලිබදව වෙන වෙනම වාර්තා සකස් කෙරේ. එහිදි වන්දි ගැනිම සදහා වෙනම නෛත්‍රික ක්‍රියාවලියක් ද සිවිල් නඩු පැවරීම් මගින් වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමේ වැඩපිලිවෙලක් ද ක්‍රියාත්මකයි. එමගින් පරික්ෂා කිරිම් වලට දායකත්වය සපයන ආයතන සදහා වැය වන වියදම් සියල්ල ප්‍රතිපුර්ණය කරගැනිම අරමුණ බව සාමාන්‍යාධිකාරිවරයා පවසයි.

නැව ගිනිගැනිමෙන් පරිසරයට වන හානිය වලක්වා ගැනිමට සමුද්‍රිය පරිසර අධිකාරිය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නාවික හමුදාව සහ ගලවා ගැනිමේ කණ්ඩායම් එක්ව මේ වන විට විශේෂ වැඩපිලිවෙලක් ආරම්භ කර තිබේ. ඉන්ධන හා අපද්‍රව්‍ය මගින් පරිසරයට වන හානිය වලක්වා ගැනිම එහි මුලික අරමුණ බව ඔහු සදහන් කලේය.

නෞකාවෙන් සිදුවු හානියට වන්දි අයකරගැනිම සදහා නීති උපදෙස් සැපයීමට නීතිපති දෙපාර්තමේන්තුව දැනටමත් විශේෂ කණ්ඩායමක් පත්කර තිබේ. නීතිපතිවරයාගේ අධික්ෂණය යටතේ එය ක්‍රියාත්මකයි. ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව අදාල රාජ්‍ය ආයතනවලට නෛතික උපදෙස් සැපයීම මේ වන විටද සිදුවන බව නීතිපති දෙපාර්තමේන්තුව කියයි.

මේ අතර වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක මහතා කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදි පැවසුවේ මුහුදේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නැවේ ගින්න පාලනය කරගැනිමට බාධාවක් වු බවයි.

ගිනිගැනිමට ලක්වු නෞකාවේ දත්ත සටහන් යන්ත්‍රය සොයා එය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බව වෙළෙද නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා කියයි. නාවික හමුදාවේ සහය ද ඒ සදහා ලබාගැනේ.

ශ්‍රි ලංකා නාවික හමුදාව පවසන්නේ මේ වන විට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වෙමින් පවතින බවයි. එහිදි කිසියම් තෙල් කාන්දුවීමක් සිදුවුවහොත් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියට සහයවීමට නාවික හමුදාව සුදානමින් සිටි.

ශ්‍රි ලංකා වරාය අධිකාරියේ උපසභාපති ආචාර්ය ප්‍රසාද් ජයමාන්න මහතා පැවසුවේ මෙම නෞකාව හේතුවෙන් කොළඹ වරායේ කටයුතු වලට කිසිදු බාධාවක් එල්ල වි නැති බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...