ඛනිජ වැලි ආශ්‍රිත කර්මාන්ත ඇරඹීමට රුසියාවට ඇරයුම් කෙරේ
මෙරටෙහි ඛනිජ වැලි ආශ්‍රිත වටිනාකම් එකතු කළ කර්මාන්ත ඇරඹීම සඳහා ලොව ඛනිජ වැලි ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළම තාක්ෂණය ඇති රුසියාවට ඇරයුම් කෙරේ. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට ශ්‍රි ලංකාව බලාපොරොත්තු වන බව ඇමති විමල් වීරවංශ මහතා පවසයි.
මේ වන විට රුසියාවෙ ශාන්ත පිීටර්ස්බර්ග් හි පැවැත්වෙන 24 වැනි ශාන්ත පිීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුවට එක්වී සිටින ඇමතිවරයා ඊට සමගාමීව රුසියානු රජයේ කර්මාන්ත හා වෙළඳ ක්ෂේත්‍රයේ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග ඊයේ සාකච්ඡා කලේය.
මෙරට බර යන්ත්‍රෝපකරණ නිෂ්පාදනාගාරයක් අරඹා නිදහස් වෙළඳ ගිවිසුම් ඔස්සේ එම නිෂ්පාදන ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු රටවලට අපනයනය කිරිමේ හැකියාව ද රුසියානු නියෝජිතයන් සමග සාකච්ඡා කෙරුණි.