විභාග කිහිපයක අයදුම්පත් භාරගැනීමේ අවසන් දින ජුලි 15 දක්වා දීර්ඝ කෙරේ

Share Button

ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග කිහිපයක අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජුලී මස 15 වන දින දක්වා දීර්ග කිරීමට රාජ්‍ය සේවා කොමිසන් සභාව තීරණය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා විදේශ සේවයේ 3 වන ශ්‍රේණියට බදවා ගැනීමේ විවෘත තරග විභාගය, කුසලතා පදනම මත කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධීශ්‍රේණියට උසස් කිරීමේ තරග විභාගය, සහ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධී ශ්‍රේණීයට උසස් කිරීමේ සිමිත තරග විභාගයට අදාළ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජුලී 15 වැනිදා දක්වා කල් දැමේ . එමෙන්ම ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ දෙපාර්තමේන්තුගත 3 ශ්‍රේණියේ සහකාර අධ්‍යක්‍ෂ තනතුරු සදහා වන සිමිත තරග විභාගය සහ වෙළෙඳ අමාත්‍යංශයේ වාණිජ දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ 3 ශ්‍රේණියේ සහකාර වාණිජ අධ්‍යක්‍ෂ ධුරය සදහා බදවා ගැනීමේ විවෘත තරග විභාගයට අදාළ අයදුම්පත් භාරගන්නා අවසන් දිනයද කල්දමා ඇත. ඊට අදාළ රජයේ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බව රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ලේකම් දයා සෙනරත් මහතා ප්‍රකාශ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...