දිවයිනපුරා ආර්ථික මධ්‍යස්ථාන අදත් විවෘතයි

Share Button

දිවයිනපුරා ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සදහා අදත් විවෘත කර තැබේ. නාරාහේන්පිට, මීගොඩ, පෑලියගොඩ, දඹුල්ල, තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථාන ඒ අතර වෙයි.

ඒ අනුව ගොවි ජනතාවට සහ ව්‍යවසායකයන්ට තම කෘෂි නිෂ්පාදන අලෙවි කර ගැනීමේ සහ මිලදී ගැනීමේ අවස්ථාව උදාවෙයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කරමින් එම කටයුතු සිදුකරන බව වෙළෙඳ සංගම් පවසයි.

ඊයේද ආර්ථික මධ්‍යස්ථානවලට එළවඵ සහ පලතුරු තොග විශාල වශයෙන් ලැබුණ බවත් ඒවා මිලදී ගැනීමට ව්‍යාපාරිකයන් පැමිණි සිටි බවත් දිවයිනපුරා ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාරීත්ව අප කළ විමසුමකදී පැවසුහ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අනුමැතිය ලත් ජංගම රථ විශාල සංඛ්‍යාවක් කෘෂි නිෂ්පාදන මිලදී ගැනීමට ආර්ථික මධ්‍යස්ථාන වෙත ඊයේ පැමිණ තිබිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...