මෙරට කොවිඩ් එන්නත් අවශ්‍යතාව සපුරාලීමට මැදිහත් වන්නැයි ස්වීඩන් රජයට ඉල්ලීමක්
මෙරට කොවිඩ් එන්නත් අවශ්‍යතාව සපුරාලීම සදහා මැදිහත් වන්නැයි ශ්‍රී ලංකාව ස්වීඩනයෙන් ඉල්ලීමක් කරයි. එරට ශ්‍රී ලංකා තානාපති දර්ශන එන් පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් ස්වීඩන් විදේශ අමාත්‍ය ඈන් ලින්ඩේ මහත්මිය සමග සාකච්ඡා කළේය. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙල හරහා එන්නත් සැපයීමේ ගෝලීය ප්රයත්නයට ස්වීඩනය ද ශක්තිමත් හවුල්කාරිත්වයක් දරයි.
ලෝකයේ විශාලතම ඇස්ට්‍රා සෙනෙකා එන්නත් නිෂ්පාදනාගාරය ඇත්තේ එරටෙහිය. දෙරටේ ද්විපාර්ශ්වික සබදතා ශක්තිමත් කර ගැනීමට ද මෙම සාකච්ඡාව ඉවහල් විය. එහිදී තිරසර සංවර්ධනය, පාරිසරික හා දේශගුණික විපර්යාස , කාන්තා සවිබලකරණය පිළිබඳව එකගතා ඇතිකර ගැනුනි. වෙලෙද හා ආර්ථික සහයෝගයේදී යුරෝපා සංගමයේ ජී එස් පි ප්ලස් සහනය මගින් වෙලෙදාම ප්‍රවර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව තානාපතිවරයා පැහැදිලි කළේය.
වත්මන් වෙලෙද පරිමාව එහි සැබෑ විභවයට වඩා අඩු බව ඔහු පෙන්වා දුන්නේය. මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තවදුරටත් යුරෝපා වෙලෙදපොලට අන්තර්ග්‍රහණය කරගැනීමේ අවශ්‍යතාව ඔහු මතු කළේය. ඒ සදහා ස්වීඩනයේ සහාය අපේක්ෂා කෙරේ.
හරිත තාක්ෂණය හා දේශගුණික යටිතල සහයෝගිතාව සම්බන්ධයෙන් දෙරටම සොයා බැලිය යුතු බව ස්වීඩන් විදේශ ඇමතිවරිය කීවාය. ස්වීඩනයේ ස්ත්‍රීවාදී විදේශ ප්‍රතිපත්තිය ශ්‍රි ලංකාවේ කාන්තාව සවිබල ගැන්වීමට ද යොදා ගත හැකි බව ඇය පෙන්වා දුන්නාය.