තේ වගාවට අවශ්‍ය ටී 65 වර්ගයේ පොහොර හිගයකින් තොරව ලබාදීමට සැලසුම්

Share Button

තේ පැළ තවාන් සහ කුඩා තේ පැළ සදහා අවශ්‍ය ටී 65 වර්ගයේ පොහොර ලබන සෙනසුරාදා සිට හිගයකින් තොරව වගාකරුවන් වෙත ලබාදීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි. ඒ අනුව ලබන සෙනසුරාදායින් පසු තේ වගාව සදහා කිසිදු පොහොර හිගයක් ඇති නොවනු ඇත.

ටී 65 වර්ගයේ පොහොර සම්පුර්ණ ප්‍රමාණය කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හරහා තේ තවාන්කරුවන්ට සහ කුඩා තේවතු හිමියන්ට ලබාදීමට පියවර ගෙන තිබෙ. ඊට අමතරව වැඩුනු තේ වගාව සදහා අවශ්‍ය පොහොර තේ කම්හල් මගින් ගොවීන් වෙත ලබාදීමේ වැඩපිළිවෙලක් දැනටමත් සාර්ථකව ක්‍රියාත්මක බව කනක හේරත් මහතා පවසයි. රසායනික පොහොර ආනයනය නැවැත්වීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය මත ඉදිරි වසරේ සිට තේ වගාව සඳහා රසායනික පොහොර ලබාදීමක් සිදු නොවේ. ඒ සදහා සම්පුර්ණයෙන්ම කාබනික පොහොර යොදා ගැනීමට සිදු වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...