විවාහ, දික්කසාද හා බාලවයස්කාර දරුවන්ට අදාල නීති සංශෝධනයට

Share Button

විවාහ දික්කසාද හා බලාවයස්කාර දරුවන්ට අදාල නිති කෙටුම්පත් සකස් කිරීමට පත්කළ උපදේශක කමිටු වාර්තාව ඇමති අලි සබ්‍රි මහතා වෙත භාරදිම කොලඹ අලුත්කඩේ අධිකරණ අමාත්‍යාංශයේදි ඊයේ සිදුවිය. ජනාධිපති නීතීඥ කුෂාන් ද අල්විස් මහතා කමිටුවේ සභාපතිවරයා යි.

කමිටුවට සාමාජිකයෝ 12 දෙනෙක් ඇතුලත් වෙති. නිදහසින් පසු කිසිඳු සංශෝදනයකට ලක්වී නැති සාමාන්‍ය විවාහ හාා දික්කසාද නීතිය යාවත්කාලීන කිරිම කමිටුව පත්කිරිමේ අරමුණයි. ඒ අනුව විවාහ නීතියට අදාල කරුණු හා දික්කසාදය ලබාගැනිමට අධිකරණයට ඉදිරිපත් කලයුතු පදනම වෙනසකට ලක්කිරීමට නියමිතයි.

අලි සබ්‍රි මහතා අධකරණ ඇමති ධූරයට පත්විමෙන් පසුව යල් පැනගිය නීති ප්‍රතිසංස්කරණ හා නීතියේ ඌනතා හඳුනාගෙන ඒ සඳහා නව නීති ප්‍රතිසංස්කරණ යෝජනා කිරිමට කමිටු 5 ක් පත්කලේය. ඒ අතරින් සිවිල් නීති ප්‍රතිසංස්කණ කමිටුව උපදේශක මණ්ඩල 11 මගින් මේ වන විට අදාල නීති කෙටුම්පත් සකස්කරමින් සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...