බැසිල් රාජපක්ෂ මහතාට පාක්ෂිකයන්ගෙන් උණුසුම් ප්‍රතිචාර

Share Button

බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යවරයෙකු ලෙස රාජකාරි ආරම්භ කිරීමත් සමග දිවයින පුරා ජනතාව ඒ වෙනුවෙන් තම ප්‍රිතිය පළකළ බව අප ප්‍රාදේශිය වාර්තාකරුවෝ පෙන්වා දෙති. ජනතා සුබසාධනය ජනතා හදගැස්ම නියෝජනය කරන නායකයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා මීට පෙර අවස්ථාවලදී ද කටයුතු කර තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා එවකට ජාතිය ගොඩනැගීමේ අමාත්‍යංශයේ ජ්‍යෙස්ඨ උපදේශක වශයෙන් 2005 වසරේදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළේය. යුද්ධයෙන් විනාශයට පත් උතුරු හා නැගෙනහිර ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජනජිවිතය යථාතත්ත්වයට පත්කිරීමට ඒ මහතා ජාතික සවිය නමින් වැඩසටහනක් ක්‍රියාවට නැංවීය. එමගින් එම ප්‍රදේශවල ජනතාවගේ මුලික අවශ්‍යතා ඉටුකිරීම අරමුණ විය. මෙම වැඩසටහන යටතේ යටිතල පහසුකම් සංවර්ධනය කෙරින. රටපුරා ග්‍රාම නිලධාරි 14 දහසකගේ ජනතා අවශ්‍යතා වන යටිතල පහසුකම් ජීවනෝපාය සංවර්ධනය සමාජ සාරධර්ම යන ක්‍ෂේත්‍ර සම්බන්ධ කර ගනිමින් ගම් මට්ටමින් පහසුකම් වැඩිදියුණු කිරීමට ඔහු ක්‍රියා කළේය. ජනතාවගේ ආදායම් උත්පාදනයට අවශ්‍ය පහසුකම් ද සලසාදුනි. ගමනැගුම වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග කොන්ක්‍රිට් අතුරා සංවර්ධනය කෙරින. පානිය ජල පහසුකම් ලබාදීම සෑම ප්‍රදේශයකම මාතෘ සායන සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම ඇතුඵ වැඩසටහන් රැසක් එතුමාගේ උපදේශකත්වයෙන් ක්‍රියාත්මක කෙරින. ඕනෑම ගැටඵවක් හදුනාගෙන ඊට විසදුම්දීමට බැසිල් රාජපක්ෂ මහතා ක්‍රියා කළේය. ගම කේන්ද්‍ර කරගත් වැඩසටහන් ජාතික මට්ටමින් ජාතික සවියත් ගම් මට්ටමින් ගම නැගුමත් ක්‍රියාත්මක කළ ඒ මහතා දිවිනැගුම මගින් ගෘහ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...