තද වැසි හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

Share Button

අධික වැසි හේතුවෙන් පවුල් 3000 කට ආසන්න සංඛ්‍යාවක පුද්ගලයින් 12000 ක් පමණ පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. එක් අයෙකු මියගොස් තිබේ. සුභසාධන මධ්‍යස්ථාන 8 ක පුද්ගලයෝ 300 කට ආසන්න සංඛ්‍යාවක් සිටිති. දිස්ත්‍රික්ක 8 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 50 කට පමණ මින් බලපෑම් සිදුවී ඇත. නිවාස හානි කිහිපයක් ද වාර්තා වෙයි.

සහන සැලසීමේ කටයුතු සදහා යුද හමුදාව මෙන්ම නාවික හමුදාව ද එක්ව සිටී.

ගාල්ල දිස්ත්‍රික්කයේ පහත් බිම් නීති විරෝධීව ගොඩ කිරීම නිසා අර්බුද රැසක් මතුවී ඇත. මේ නිසා ගංවතුර බැස යාම ප්‍රමාද වී ඇත. ගාල්ල නගරය බද්දේගම ආශ්‍රිතව මෙම තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරයි. නෙඵව ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වය කෙටි කාලයක දී බැස ගොස් තිබේ. එහෙත් තවලම නාගොඩ වැලිවිටිය දිවිතුර හා බද්දේගම ප්‍රදේශවල ජලය බැස යාම තවදුරටත් සිදු වෙයි. පහත් බිම්වල තිබු වගා රැසක් ද විනාශ වී තිබෙ.

පවතින අධික වර්ෂාව නිසා ඉහලකොත්මලේ සහ මාඋස්සාකැලේ ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙ. මාඋස්සාකැලේ වාන් දොරටු 2 ක් කොත්මලේ එක් දොරටුවක් ද විවෘත කර ඇති බව ජලාශය භාර ඉංජිනේරුවෝ පවසති. එමෙන්ම පොල්ගොල්ල ජලාශයේද වාන් දොරටු 2 ක් අද පෙරවරුවේ විවෘත කර ඇත. මේ හේතුවෙන් ජලාශයේ පහල වික්ටෝරියා ජලාශය තෙක් මහවැලි ගග භාවිතා කරන ජනතාව අවධානයෙන් සිටිය යුතුය. කකුලේ ගග ජලාශයේ ද එක් වාන් දොරටුවක් විවෘත කෙරුනි.

නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ නිවාස පේළියක් මතට විශාල කොහොඹ ගසක් කඩා වැටීමෙන් නිවාස කිහිපයකට හානි සිදුවී ඇත. කඵ කැලණි ගිං නිල්වලා ගංගා ආශ්‍රිතව පැවති සුඵ ගංවතුර තත්ත්වය ද ඉවත්ව ගොස් තිබේ. කඵ ගංගාවේ අතු ගංගාවක් වන කුඩා ගගේ පහල ප්‍රදේශවල ජල මට්ටම ඉහල ගොස් ඇත. ඒ නිසා බුලත්සිංහල අවට පහත් බිම් ජලයෙන් යටවී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *