කටුගස්තොට-කුරුණෑගල මාර්ගයේ බර වාහන ධාවනයෙන් වලකින්න
කටුගස්තොට කුරුණෑගල මාර්ගයේ බර වාහන ධාවනයෙන් වලකින ලෙස ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. කටුගස්තොට මංසන්දියට කිලෝමිටර් 2 ක් දුරින් ඉදිකෙරෙමින් පවතින පස් මහල් වානිජ ගොඩනැගිල්ලක් හදිසියේ ගිලා බැසීම ඊට හේතුවයි. ගොඩනැගිල්ල ගිලා බැසිම හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැත.