මුහුදේ කාලගුණය
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල පවතින තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක ස්වල්පයක් වැසි ඇති වන අතරම දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර හෝ නිරිත දිශාවලින් හමයි. සුළෙඟ් වේගය පැයට කිලෝ මීටර් 35 – 45 ක් පමණ වේ.
මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 – 70 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළුවිය හැකිය.
මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 -60 දක්වා වැඩි වන අතරම එවිට එම මුහුදු ප්‍රදේශ රළුවීමේ හැකියාව පවතී.
ධීවර හා නාවුක ප්‍රජාවට මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.