ගුරු විදුහල්පති වැටුප් විෂමතා අද කැබිනට් රැස්වීමේදී යළිත් සාකච්ඡාවට
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සාකච්ඡා කරන බව අධ්‍යාපන ඇමති ජී. එල්. පීරිස් මහතා පවසයි. මීට අදාළව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ජී. එල් පීරිස් අමාත්‍යවරයා ඉකුත් සතියේ දී කැබිනට් රැස්වීමට ඉදිරිපත් කළේය. එය සාකච්ඡා කිරීමට සතියක් කල් දෙන ලෙස මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා එහිදී ඉල්ලීමක් කර ඇත. මේ පිළිබඳව අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ගුරු සංගම් සමග ඉකුත්දා පැවැති සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබිණි.