නව බස්රථ 600 ක් ආනයනය කෙරේ
නව බස්රථ 600 ක් ආනයනය කෙරේ. ඒවා ග්‍රාමිය ප්‍රදේශවල ධාවනය සඳහා එක්කිරීමට නියමිතයි.
අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා මේ බව කියා සිටියේ කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ පදිංචි ජනතාවට නිවාස ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.
මේ යටතේ නිවාස 1244 ක් ඉදිකිරිමට යෝජිතයි. එහි පළමු අදියරේ නිවාස 30 ක යතුරු ප්‍රදානය අද සිදුකෙරිණි.