වසර 41 කට පසු ඉන්දිය හොකි කන්ඩායමට ඔලිම්පික් පදක්කමක්

Share Button

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ හොකී පිරිමි අවසන් තරගයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඉන්දිය කණ්ඩායම අද සමත් විය. ඉන්දියාව වසර 41 කට පසු එම ඉසව්ව සදහා ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීම සුවිශේෂී වෙයි. පහට හතරක් ලෙස ජර්මනිය පරාජය කරමින් ඉන්දිය හොකී කණ්ඩායම මෙම පදක්කම දිනා ගත්තේය. ඉන්දියාව මීට පෙර හොකිී ක්‍රීඩාව සදහා ඔලිම්පික් රන් පදක්කම් අටක් දිනා ගෙන තිබේ. අවසන් වරට ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගෙන ඇත්තේ 1980 වසරේ මොස්කව් හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ය.

මේ අතර බාස්කට්බෝල් ඉසව්වේ අවසන් මහ තරගයට ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම අද සුදුසුකම් ලබා ගත්තේය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරදවා අවසන් පුර්ව තරගයේදී ලකුණු 97ට 78 ක ජයක් හිමි කර ගැනීමට එම කණ්ඩායම සමත් විය. තරගාවලියේ අනෙක් අවසන් පුර්ව තරගය ප්‍රංශය සහ ස්ලෝවේනියාව අතර අද පැවැත්වේ.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවන්නේ චීනයයි. චීනය රන් පදක්කම් 33 ක් රිදී පදක්කම් 41 ක් සහ ලෝකඩ පදක්කම් 16 ක් සමගින් පදක්කම් 73 ක් දිනා ගෙන තිබේ. ඇමරිකා එක්සත් ජනපදය දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ රන් පදක්කම් 27 ක් රදී පදක්කම් 34 ක් සහ ලෝකඩ පදක්කම් 48 ක් දිනා ගනිමිනි. ජපානය රන් පදක්කම් 21 ක් රිදි පදක්ම් 7 ක් සහ ලෝකඩ පදක්කම් 13 ක් ලබා තුන්වැනි ස්ථානයට පත්ව තිබේ. ඕස්ට්‍රේලියාව සිව් වැනි ස්ථානයට පත්ව ඇත්තේ රන් පදක්කම් 14 ක් රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 18 ක් දිනා ගනිමිනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...