තවත් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා තොගයක් අද දිවයිනට

Share Button

ජපන් රජය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇස්ට්‍රාසෙනිකා මීලග එන්නත් මාත්‍රා තොගය අද දිවයිනට ලගාවීමට නියමිතයි. මෙරට ජනතාවගේ ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවේ අවශ්‍යතාව වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ජපාන අගමැතිවරයාගෙන් පෞද්ගලිකව කළ ඉල්ලීමකට අනුව දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කරමින් ජපාන අගමැතිවරයා ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්‍ෂ 14 ක් මෙරටට පරිත්‍යාග කළ බව ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අඛිරා සුගියාමා මහතා කියයි. එහි පළමු තොගය වශයෙන් මාත්‍රා හත්ලක්‍ෂ 28දහසක් පසුගිය මස 30 වැනිදා මෙරටට ලැබිණි.

එම එන්නත් තොගය ලැබී පැය කිහිපයක් තුළ එන්නත්කරණයට යෙදවීම ජපන් තානාපතිවරයාගේ ඇගයීමට ලක්වෙයි. ශ්‍රී ලංකාවේ සමස්ත එන්නත්කරණ වැඩපිළීවෙලද ඊට ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත්වීමද ජපාන තානාපතිවරයාගේ මෙන්ම ලෝක සෞඛ්‍ය හා යුනිසෙෆ් සංවිධානවල මෙරට නියෝජිතයන්ගේ පැසසුමට ලක්වී තිබේ.
මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්‍ෂ 20 ක් ඊයේ දිවයිනට ලගාවිය. රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ සයිනොෆාම් පළමු මාත්‍රාව එන්නත් කළ පිරිසට දෙවන මාත්‍රාව එන්නත් කිරීම සදහා ඒවා වෙන්කරන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...