අසාධ්‍ය නොවන කොරෝනා රෝගීන්ට නිවසේදී ප්‍රතිකාර
කොරෝනා ආසාදිත අසාද්‍ය නොවන රෝගීන් නිවසේ රදවා ප්‍රතිකාර කිරීම අද සිට ක්‍රියාත්මකයි. එහි නියමු වැඩසටහන කළුතර දිස්ත්‍රික්කයෙන් ඇරඹුනි. අද සිට බස්නාහිර පළාතේ සෙසු දිස්ත්‍රික්කවලද එය ක්‍රියාත්මක කෙරේ.
මේ අතර ශ්‍රී ලංකාව මිලදී ගත් අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂයක් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොලවෙත ලගාවිය.
කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේ එන්නත්කරණ වැඩසටහන අදත් ක්‍රියාත්මක බව පොලිසිය සදහන් කරයි. කොළඹ නගරයේ මෙතෙක් කිසිදු එන්නතක් ලබා නොගත් අවුරුදු 30 ට වැඩි අයට මෙහිදී එන්නත් ලබාගත හැකිය.
යුද හමුදාව මෙන්ම නාවික හමුදාවද අදත් ස්ථාන රැසකදී එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.
යාපනය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා සයිනොෆාම් පළමු මාත්‍රාව ලබාදීමට නියමිතයි.
හෙට සිට දින 03ක් පළමු මාත්‍රාව ලබා නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි හා බරපතල රෝගාබාධ ඇති අයට කොවිඩ් එන්නත ලබාදීමට කටයුතු යොදා ඇත. ඒ සදහා 1906 දුරකථන අංකයට කථාකොට ලියාපදිංචි වියයුතුය.
කොරෝනා මාර්ගෝපදේශ නොතකා ක්‍රියාකරන අය සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසීය නිවේදනය කරයි. විශේෂයෙන් මාර්ගවල හෝ වෙනත් පොදු ස්ථානවල මුහුණු ආවරණ පැලද නොසිටිනනේ නම් නිරෝධායන නීති ක්‍රියාතමක කෙරේ. ගෙවුණු පැය 24 දී එවැනි වරද සදහා 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ වනවිට සයිනොෆාම් පළමු මාත්‍රාව 88 ලක්‍ෂයකට පමණ දී ඇත. 20 ලක්‍ෂයකට වැඩි පිරිසකට එහි දෙවන මාත්‍රාවද දී තිබේ. ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් පිරිස 11 ලක්‍ෂ 27 දහස ඉක්මවයි. එමෙන්ම 9 ලක්‍ෂයකට ආසන්න පිරිසක් එහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇත. මීට අමතරව මොඩර්නා, ෆයිසර්, සහ ස්පුට්නික් වී එන්නත් වල පළමු හා දෙවන මාත්‍රා දැන් ලබාදෙමින් පවතී.