වී අලෙවි මණ්ඩලය හා වී මෝල් හිමියන් හැර තොග රැස් කරන අතරමැදි ජාවාරම්කරුවන්ගේ වී තොග රජයට පවරා ගැනේ

Share Button

යල කන්නයේ වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය දැන් ආරම්භ කර තිබේ. වී අලෙවි මණ්ඩලය සහ වී මෝල් හිමියන් හැර පසුව වැඩි මිලට විකිණීමේ අරමුණින් තොග රැස් කරන අතරමැදි ජාවාරම්කරුවන්ගේ වී තොග රජයට පවරා ගන්නා බව ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියයි. රජය සහ පෞද්ගලික අංශය රටපුරා තරගකාරි ලෙස සහතික මිලට වී මිලදී ගැනීම සිදුකරයි. වී මිලදී ගැනීමේ අක්‍රමිකතා පිටුදැකීමේ අරමුණින් පැවැත්වු සාකච්ඡාවකට එක්වෙමින් ඇමතිවරයා මේ බව කීවේය. මෝල් හිමියන් හැර අතරමැදියන් සහල් තොග රැස්කර තබා ගැනීම තහනම් කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජාවාරම් පිටුදැකීමට පාරිභෝගික ආරක්ෂණ පනතට සංශෝධන එකතුකර ඇත. තොග රැස් කිරීම සදහා වී මෝල් මිලට ගෙන අලුතින් ලියාපදිංචිය ලබා ගැනීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටිති. මේ නිසා වීමෝල් අලුතින් ලියාපදිංචි කිරීම තහනම්ය. පරිභෝජනය කරන සහල් කිලෝවක් රුපියල් 100 කට වැඩියෙන් අලෙවි කිරීමට ඉඩ නොදේ. සහල් හිගය වැළැක්වීම සදහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කර ගබඩාකර තබන බව ගුණවර්ධන මහතා කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...