කොවිඩ් පාලනයට සෑම දෙනාගේම සහාය සහිත ඒකාබද්ධ වැඩපිළිවෙළක අවශ්‍යතාව පාර්ලිමේන්තුවේ දී අවධාරණය කෙරේ

Share Button

කොවිඩ් නයින්ටීන් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී මේ වනවිට විවාදයට ගෙන තිබේ. එය ඉදිරිපත් කරමින් කථා කළ අමාත්‍ය අලි සබ්‍රි මහතා පීඩාවට පත්වන සාමාන්‍ය ජනතාව වෙනුවෙන් මෙම පනත් කෙටුම්පත ගෙන එන බව ප්‍රකාශ කළේය. මේ සදහා නීතිඥ සංගමය බැංකුකරුවන්ගේ සංගමය වාණිජ මණ්ඩලය හා මහබැංකු අධිපතිවරයාගේ අදහස් හා කරුණු සැලකිල්ලට ගෙන තිබේ.තමන්ගේ නඩු කටයුතු කර ගැනීම සදහා සාධාරණ කාලයක් ලබාදීමද මෙමගින් සිදු කෙරේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි මෛත්‍රිපාල සිරිසේන මහතා කථා කරමින් කොවිඩ් වසංගතය හමුවේ සම්පත්වල හිගය අප රට පමණක් නොව ලොව අනිකුත් රටවල් ද මුහුණ දී සිටින බව පැවසීය. මරණ සංඛ්‍යාව හා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහල යාම පිළිබදව දැඩි අවධානය යොමු කළ යුතුය. කොවිඩ් පාලනයට සෑම කෙනෙකුගේම සහාය සහිත සුහදශිලි ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.මෙරට සෞඛ්‍ය සේවයට වසංගත රෝග පිළිබඳ හොඳ අත්දැකීම් පවතී. කොවිඩ් පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය තවදුරටත් ලබා ගත යුතුය. ආගමික නායකයන්ගේ මැදිහත් වීමෙන් ජනතාවගේ මානසික ශක්තිය ශක්තිමත් කළ හැකිය. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නියෝජිතයන්ගේ කැඳවීමක් අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කථා කරමින් කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යාම අතින් ශ්‍රිි ලංකාව දරුණු මට්ටමක පසුවන බව පැවසීය. ඉතා ඉක්මණින් දැඩිව සංචරණ සීමා පැනවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දී ඇතැයි ඔහු කීවේය.ඇතැම් නගර නගර වැසියන් විසින්ම වසා දමන තත්ත්වයට පත්ව තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථා කරමින් රට මේ වනවිට ජාතික වසංගතයකට මුහුණ දී සිටින බව ප්‍රකාශ කළේය. ලෝක තත්ත්වය සමග සැසදීමේ දී මෙරට තත්ත්වය නරක අතට හැරී තිබේ. මේ අවස්ථාවේ පක්ෂ භේදයකින් තොරව ගැටඵවලට විසඳුම් සෙවිය යුතුය. දැඩි තීරණ ගෙන සති 2 කට රට වසා තැබීමට ක්‍රියා කළ යුතු බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මෙහිදිී විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතවලට අනුව ක්‍රියා කළ යුතු වේ. පෞද්ගලික අංශයේ මුල්‍ය සහාය ද ලබා ගැනීමට අවධානය යොමු කළ යුතුය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.