මේ වසරේ දෙවන වතාවටත් අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවය

Share Button

මේ වසරේ දෙවන වතාවටත් අපනයනවලින් ඩොලර් බිලියනයක ආදායමක් උපයා ගැනීමට ඉකුත් මාසයේදී ශ්‍රී ලංකාවට හැකිවිය. පළමු මාස හතේ එම වර්ධනය සියයට 22 ක් වී තිබෙ. අවසන්වරට ඩොලර් බිලියනයක අපනයන ආදාමයක් මෙරටට ලැබුණේ පසුගිය මාර්තු මාසයේදීය.මෙන්ම ජුලී මාසයේදී වාර්තා වු ඩොලර් මිලියන 1099 ක අපනයන ආදායම මෙතෙක් වාර්තා වු ඉහළම මාසික ජයග්‍රහණය බව අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

වසංගතයක් අතරතුර අපනයන ව්‍යාපාර පවත්වාගෙන යාම සදහා මෙරට අපනයනකරුවන් දැක්වු ධෛර්යයට සහ අධිෂ්ඨානයට එම දෙපාර්තමේන්තුව ස්තුතිය පල කරයි. එම මාසයේදී රබර් හා ඒ ආශ්‍රීත ආදායම සියයට 13 යි දශම 6 කින් ඉහළ ගොස් තිබේ එමෙන්ම කුඵබඩු ආශ්‍රීත නිෂ්පාදනවල අපනයන ආදායමද විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.