මේ වසර අවසන් වන විට ජනතාව පුර්ණ එන්නත්කරණයට ලක්කිරිම සැලසුම බව සෞඛ්‍ය ඇමති කියයි
මේ වසර අවසන් වන විට මෙරට ජනතාව පුර්ණ එන්නත්කරණයට ලක්කිරිම රජයේ සැලසුම බව සෞඛ්‍ය ඇමති කොහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටි.මෙරට ජනගහනයෙන් සියයට විසිපහක් ඉකුත් 26 වැනිදා වන විට පුර්ණ එන්නත්කරණයට ලක්කර තිබෙ. ඔහු මේ බව කියා සිටියේ කොවැක් පහසුකම මගින් මෙරටට ලැබුණු ෆයිසර් එන්නත් තොගය නිල වශයෙන් බාරගැනිමේ අවස්ථාවට අද එක්වෙමිනි. එම එන්නත් මාත්‍රා ලක්ෂයක් මෙරටට ලැබිණි. ඒවා මෙරට අමෙරිකානු තානාපති ඇලීනා ටෙප්ලිට්ස් මහත්මිය තානාපති නිල නිවසේදි සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත නිල වශයෙන් භාරදුන්නාය. එහිදි අමෙරිකානු ජනතාව ලබාදුන් සහයෝගයට අමාත්‍යවරයා ප්‍රණාමය පුදකලේය.මෙම අර්බුදයට අන්තර්ජාතික වශයෙන් ප්‍රතිචාර දැක්වීමේදි අමෙරිකාව සමග සහයෝගයෙන් කටයුතු කිරිම ශ්‍රි ලංකාව කැපවී සිටින බවත් ඇමතිවරයා එහිදි කිවේය.