නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් නැතැයි ජනාධිපතිතුමා අවධාරණය කරයි

Share Button

ජනාධිපතිවරණයක් පිළිබඳ අනවශ්‍ය උණුසුමක් රටතුළ ඇති කර ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියයි. ් කඩිනමින් ජනාධිපතිවරණයක් ලබාදෙන බව ඇතැමුන් පැවසුවද නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්විමට තමාගේ කිසිදු සුදානමත් නැතැයි එතුමා අවධාරණය කරයි. ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් ඒ පිළිබඳ තීරණය ගත හැක්කේ තමාට පමණක් බව එතුමා පැවසුවේ නිවිතිගල මහජන පොළ භූමියේ අද පෙරවරුවේ පැවති නිවිතිගල ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩල රැස්විම අමතමිනි. පොදුජන පෙරමුණත් . එක්සත් ජාතික පක්ෂයත් දේශපාලන වශයෙන් අධි තක්සේරුවක සිටින්නේ නම් ඔවුන් වරද්දාගන්නා තැන එතැන බව ජනාධිපතිතුමා පැවසිය තමන් පිළිබඳව තමන් කුමන තක්සේරුවක පැමිණියද ඔවුන් කිසිවෙකුට හෝ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහාය නොමැතිව තනි ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව සිහි තබාගත යුතු බව එතුමා සදහන් කළේය . පුද්ගලයන් වටා ගොඩනැගෙන දේශපාලන ව්‍යාපාර තාවකාලික වෙයි. රටට අවශ්‍ය වන්නේ දර්ශනයක් හා දැක්මක් සහිත දේශපාලන ව්‍යාපාරයකි . මව්බිම පිළිබඳව නිසි දැක්මක් හා දර්ශනයක් ඇති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සංවිධාන ශක්තිය වැඩි කර ගනිමින් වර්තමානයේ සාර්ථක ඉදිරි ගමනක නිරතව සිටින බව ජනාධිපතිතුමා පැවසිය.

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සිටිම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ව ර්තමානයේ එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවකි. එහෙත් එය සිදුකළේ පසුගිය රජයට කළ නොහැකි වූ දේ සිදු කිරිමට බව පැවසු ජනාධිපතිතුමා රටට අහිමි ව තිබු ජාත්‍යන්තර සහයෝගය නැවත දිනාගනිමින් රටේ සංවර්ධනයට විශාල වශයෙන් සියලු දෙනාගේ සහාය ලබාගැනිමට වර්තමානයේ හැකි වී ඇතැයි පෙන්වා දුන්නේය. ලබන 24 වැනිදා තමන් එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය ඇමතිමට නියමිතව ඇතැයි ද ජනාධිපතිතුමා පැවසිය .

ආරක්ෂක හමුදාවට එරෙහි චෝදනා වලින් ඔවුන් නිදහස් කර ගැනිම පිළිබඳව තමන් ජගත් සංවිධානය හමුවේ නව ප්‍රකාශයක් සිදු කිරිමට අපේක්ෂා කරන බව ද එතුමා සදහන් කළේය. රට හමුවේ ඇති අභියෝග රැසකට එමගින් විසදුම් ලැබෙනු ඇත.
රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩපිළිවෙල පිළීබඳව එහිදි අදහස් දැක් වු ජනාධිපතිතුමා එම දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දි ඇති ප්‍රධානතම ගැටඵවකට විසදුම් ලබාදෙමින් ප්‍රදේශයේ ගංගා හා ඇළ මාර්ග වලින් කූඩ යොදා ගනිමින් මැණික් ගැරිමට ලබන සතියේ සිට අවසර ලබාදෙන බව ස දහන් කළේය. ඒ සදහා පොලිසිය ඇතුඵ අදාල අංශ වලට දැනටමත් උපදෙස් දී තිබෙ.්
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් දීර්ඝ කාලයක් කැප වූ රත්නපුර දි්ස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් දසදෙනෙකු ඇගයිමට ලක් කරමින් ඔවුන්ට තිලින පිළිගැන්විම ජනාධිපතිතුමා සිදු කළේය නිවිතිගල ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කාර්යාලයද එතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...