පොළොන්නරුවේ ප්‍රධාන සහල් මෝල් 4 ක් පරීක්‍ෂාවට – තම වී තොග කඩිනමින් සහල් කොට වෙළෙඳපොලට නිකුත් කරන බව මෝල්හිමියෝ කියති

Share Button

නිපුන, අරලිය, ලක් සහල් සහ නිව් රත්න යන සහල් මෝල් සතු සහල් තොග පිළිබඳ වාර්තාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ලබාගෙන තිබේ. පොලොන්නරුවේ ඇති මෙම සහල් මෝල් 4 ඊයේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් එන්. ඩී. එස්.පී. නිවුන්හැල්ල මහතාගේ පරීක්‍ෂාවට ලක්විය.

සහල් මෝල් හිමියන් නිකුත් කරන සහල් තොග සහ තොග මිල ගණන් පිළිබඳ වාර්තාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලබාදීමටත් පසුව එම මිල ගණන් ප්‍රසිද්ධ කිරීමටත් මෝල් හිමියෝ මෙහිදී එකගතාව පල කළහ. තමන් සතු වී තොග කඩිනමින් සහල් බවට පත්කර රජය මගින් නියම කර ඇති පාලන මිල යටතේ වෙළෙඳපොලට අඛණ්ඩව සැපයීමට පියවර ගන්නා බවද ඔව්හු සදහන් කළහ.

මේ අතර පාන්පිටි මිල වැඩිකොට පාරිභෝගිකයන් අපහසුතාවට පත් කරන්නේ නම් එම වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අධිකාරිය සදහන් කළේය. මීට පෙර සිව් වතාවක් අධිකාරියේ අවසරයකින් තොරව පිටි මිල වැඩි කිරීමට උත්සාහ කළත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම නිසා එම වැඩිකිරීම් අදාළ සමාගම් අත්හැර දැමීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.