අමෙරිකානු ගුවන් හමුදාව සිරියාවට නිති විරෝධි බෝම්බ ප්රහාර එල්ල කරන බවට රුසියාවෙන් චෝදනා
ඇමරිකානු ගුවන් හමුදාවට අයත් එෆ් 15 ප්රහාරක යානා පසුගිය සෙනසුරාදා රාත්රියේ සිරියාවේ ඩෙයිර් එස් ශෝර් පළාතේ ජනාකීර්ණ ප්රදේශවලට පොස්පරස් අඩංගු ගිනිඅවුඑවන සුඑ බෝම්බ ප්රහාර එල්ල කළ බවට රුසියාව චෝදනා කරයි. මෙම ප්රහාර මගින් මරණයට පත් වූ හෝ තුවාල ලැබූ අය පිළිබඳව මෙතෙක් වාර්තා වී නැත. මෙවැනි බෝම්බ ප්රහාර එල්ල කිරීම සහ පරිහරණයට තබා ගැනීම 1949 ජිනීවා සම්මුතියට අනුව පටහැනි බවද රුසියාව කියා සිටී.