වියට්නාමයේදී අගමැතිතුමා මහත් හරසරින් පිලිගැනේ
වියට්නාමයේ හැනෝයිහී පැවැත්වෙන ආසියාන් ලෝක ආර්ථික සමුඑවට සහභාගිවීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ එරටට ලගාවිය. එම සමුඑව අද හැනෝයි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදි ඇරඹෙයි. ආසියානු සංවිධානයට අයත් රටවල හා වෙනත් අසියානු රටවල ඉහළ පෙලේ නායකයෝ ඊට සහභාගි වෙති. නෝයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අගමැතිතුමාව මහත් හරසරින් පිළිගැණින. එතැන් සිට විශේෂ රථ පෙරහරකින් අගමැතිවරයා ප්රමුඛ දූත පිරිස හෝටලය වෙත කැඳවාගෙන යනු ලැබීය.