කැනඩා මහ මැතිවරණයෙන් හිටපු අගමැතිට ජය

Share Button

කැනඩා මහ මැතිවරණයෙන් හිටපු අගමැති ජස්ටින් ටෲඩෝ මහතාගේ ලිබරල් පක්‍ෂය ජය ගෙන ඇතැයි වාර්තා වෙයි. එරට පාර්ලිමේන්තුවේ බහුතරය සදහා ආසන 170 ක් අවශ්‍ය වෙයි. මේ වනවිට ටෲඩෝගේ පක්‍ෂය ආසන 157 ක් ජයග්‍රහණය කර ඇත. එය 2019 වසරේදී එම පක්‍ෂය ජයග්‍රහණය කළ ආසන සංඛ්‍යාවට සමානය. මෙම මහ මැතිවරණය තවත් වසර දෙකකින් පැවැත්වීමට නියමිතව තිබුණත් ආසන 170 ක බහුතර බලය ලබාගැනීම සදහා ටෲඩෝ වසර දෙකකට කලින් මැතිවරණය පැවැත්වීය. පාර්ළිමේන්තුවේ සම්පුර්ණ ආසන සංඛ්‍යාව 338 කි. කන්සර්වටිව් පක්‍ෂය මේ වනවිට ආසන 121 ක් දිනා සිටීයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...