යොහානි ද සිල්වා බොලිවුඩ් චිත්‍රපටයක ගී ගයයි

Share Button

නව පරපුරේ යොවුන් ගායිකා යොහානි ද සිල්වා ප්‍රථම වතාවට බොලිවුඩ් ිචිත්‍රපට පසුබිම් ගායනයට එක් වෙයි. ඒ අනුව කුනාල් දේශ්මුක් අධ්‍යක්ෂණය කළ ෂිද්දත් හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතයේ පසුබිම් ගායිකාව බවට ඇය අද පත්වුවාය. ඇයගේ ගීතයේ මුල් පසුබිම් ගායකයා වන්නේ ඉන්දීය ගායක මානන් භාරද්වාජ්ය. යොහානි ද සිල්වාගේ යු ටියුබ් චැනලය හරහා මෙම හින්දි චිත්‍රපට පසුබිම් ගීතය අද දහවල් එළිදැක්වුනි. එහි විශේෂත්වය වන්නේ ගීතය එළිදක්වා පැය 3 ක් ගතවන විට ප්‍රේක්ෂකයින් එක්ලක්ෂ 74 දහසකට වැඩි පිරිසක් එය නරඹා තිබීමයි. ඉන්දියාවේ සංගීතය පිළිබඳ විශාල ගෙවිීම් කරන ටී සීරිස් ආයතනය මෙම ගීතයට අනුග්‍රහය දක්වයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *