සදුදා සිට බ්‍රිතාන්‍යයේ ඉන්ධන බෙදාහැරීම හමුදාව යටතේ

Share Button

ලබන සදුදා සිට බ්‍රිතාන්‍ය හමුදාව පෙට්්‍රල් රටපුරා ප්‍රවාහනය කිරීම ආරම්භ කරන බව බ්‍රිතාන්‍ය රජය පවසයි. මේ වනවිට තෙල් පිරවුම් මධ්‍යස්ථානවල දිගු පෝලීම් දක්නට ලැබේ.

බ්‍රිතාන්‍යයේ සේවය කරන තෙල් බවුසර් රියදුරන්ගේ හිගය හේතුවෙන් සැපයුම අඩාල විය. බ්‍රිතාන්‍ය රජය ඊයේ සදහන් කළේ ලබන මාර්තු අවසානය වනතෙක් විදේශ රියදුරන් 300 කට බ්‍රිතාන්‍යයේ තවදුරටත් සේවය කිරීමට අවස්ථාව දෙන බවයි.

ඉන්ධන අර්බුදය හමුවේ එරට පෙට්්‍රල් මිල වසර අටක ඉහලම අගය පෙන්නුම් කර තිබේ. කෙසේ වුවත් බ්‍රිතාන්‍ය රජය සදහන් කළේ ඇතැම් පිරිස් කඵ කඩයෙන් තෙල් මිල ගැනීම නිසා මෙසේ මිල ඉහල ගොස් ඇති බවයි.

සාමාන්‍යයෙන් දෛනිකව නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් දැන් නිකුත් කරන බවද රජය කියා සිටි. එහෙත් ජනතාව තම ඉන්ධන ටැංකි සම්පුර්ණයෙන් පුරවා ගැනීම නිසා ගැටඵ මතුවී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *