ජපාන නව අගමැතිවරයා සහ ඇමෙරිකානු ජනපති අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා

Share Button

ජපාන නව අගමැති කිෂිඩා ෆුමියෝ මහතා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සමග අද දුරකථනයෙන් සාකච්ඡා කර තිබේ. අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඔහු පලමුවරට පැවැත්වු සාකච්ඡාව මෙයයි. නිදහස් සහ විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් සහතික කිරීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කිෂිඩා මහතා ඇමෙරිකානු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තිබේ. ජපානය සහ ඇමෙරිකාව අතර දිගු කාලයක සිට පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම නව අගමැතිවරයාගේ අරමුණයි.

මේ අතර ජපාන නව සෞඛ්‍ය කම්කරු සහ සුබසාධන අමාත්‍යවරයා ලෙස තේරී පත්වු ගෝටෝ ෂිගේයුකි මහතා ප්‍රකාශ කළේ රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය මැඩපැවැත්වීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඒ සදහා මුලිකව ක්‍රියාකරන බව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *