නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා මෙනවිය ශ්‍රීී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට

Share Button

නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා මෙනවිය ශ්‍රීී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සදහා වන සන්නාම තානාපතිවරියක ලෙස පත් කිරීමට සංචාරක අමාත්‍යංශය පියවර ගෙන තිබෙ. මේ සදහා ගිවිසුම්ගත වීමට ඇය එකගත්වය පළ කර ඇත. මේ සම්බන්ධයෙන් අනුමැතිය ලබා ගැනීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කර තිබේ.
මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිීම සදහා වන සන්නාම තානාපතිවරියක් ලෙස ඇය ප්‍රථමයෙන් ඩුබායි හි මේ දිනවල පැවැත්වෙන වර්ල්ඩ් එක්ස්පෝ ප්‍රදර්ශනයට සහභාගි වෙයි. එහි සමාගම් අංගයක් වන ග්ලෝබල් ෆෙස්ටිවල් හි ශ්‍රීී ලංකාව නියෝජනය කරමින් ශ්‍රීී ලංකා සංචාරක ගීතය ලබන වසරේ ජනවාරි මාසයේ දී එළිදක්වන බව සංචාරක අමාත්‍යංශයේ නිලධාරියෙක් සඳහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *