විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල ගුවන්විදුලි විකාශන අයිතිය ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවට

Share Button

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල ගුවන්විදුලි විකාශන අයිතිය ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවට හිමි වෙයි. ඊට අදාල නිල ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරිම ඊයේ කුමාරතුංග මැදිරියේදි සිදු කෙරිණි. මෙරට ප්‍රවීන ක්‍රිකට් ක්‍රිඩක දෙපලක් වන අරවින්ද ද සිල්වා සහ බ්‍රෙන්ඩන් කුරුප්පු යන මහත්වරුද මෙම අවස්ථාවට එක් වුහ. ක්‍රිකට් ක්‍රිඩාවේ අභිවෘද්ධිය උදෙසා ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව සුවිශේෂි මෙහෙවරක් ඉටුකර ඇති බව හිටපු ක්‍රිකට් නායක අරවින්ද ද සිල්වා මහතා එහිදි සදහන් කලේය. හිටපු ටෙස්ට් ක්‍රිඩක බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා සඳහන් කළේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ නිල ගුවන් විදුලි විකාශන අයිතිය ජාතික ගුවන් විදුලියට හිමිවීම සම්බන්ධයෙන් තමා සතුටු වන බවයි. ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ සහ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වුහ.
. පන්දු වාර විස්ස ක්‍රීකට් තරගාවලියේ සජිවි විකාශය ජාතික ගුවන් විදුලියේ ක්‍රීඩා විකාශය ඔස්සේ් විසුරුවා හැරේ. එෆ්.එම් තරංග මාලා 89 යි දශම 8. 90 යි දශම 1. 97 යි දශම 4. 102 යි දශම 1. 104 යි දශම 7 සහ 107 යි දශම 3 ඔස්සේ තරග තොරතුරු ශ්‍රවණය කළ හැකිය .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *