චීන-ඇමරිකා ඉහළ පෙළේ නිලධාරී හමුවක් ස්විට්සර්ලන්තයේ සූරිච් හිදී

Share Button

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු පිළිබඳ කමිටු කාර්යාල අධ්‍යක්ෂ Yang Jiechi මහතා ඇමරිකානු ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ සහකාර Jake Sullivan මහතා හමුවෙයි.එම හමුව ස්විට්සර්ලන්තයේ සූරිච් හිදී ඊ‍යේ(6) පැවැත්විණ. දෙපාර්ශ්වය චීන-ඇමරිකා සබඳතා සහ පොදු ජාත්‍යන්තර හා කලාපීය ප්‍රශ්න පිළිබඳව සම්පූර්ණ, අවංක හා ගැඹුරු ලෙස අදහස් හුවමාරු කර ගෙන තිබේ.
චීන-ඇමරිකා දෙරටේ රාජ්‍ය නායකයින් පසුගිය 10වැනිදා පැවැත්වූ දුරකථන සාකච්ඡාවේදී එළඹුණු එකඟතාවන් ක්‍රියාත්මක කොට උපායමාර්ගික සම්බන්ධීකරණය ශක්තිමත් කොට ගැටුම් වළක්වා අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රහණ සොයා ගැනීම සඳහා කටයුතු කිරීමට දෙපාර්ශ්වය කැමැත්තෙන් සිටී.
හමුවට අනතුරුව දේශගුණික විපර්යාසය සහ කලාපීය ආදී පොදු ප්‍රශ්න සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *