පකිස්තානයේ සිදු වු භූ කම්පනයෙන් විසි දෙනෙකු ජිවිතක්‍ෂයට

Share Button

පකිස්තානයේ බලුකිස්තාන් පළාතේ අද අලුයම සිදු වු භූ කම්පනයෙන් පුද්ගලයෝ 20 කට ආසන්න පිරිසක් මියයති. එරට බලධාරීන් පවසන්නේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.ගොඩනැගිලි කඩා වැටීමෙන් සුන්බුන් අතර බොහෝ පිරිසක් සිරවී ඇතැයි වාර්තාවෙයි.මියගිය අය අතර වැඩි දෙනා ළමයි සහ කාන්තාවෝ වෙති. අමෙරිකානු භූ විද්‍යා මැනුම් ආයතනය පවසන්නේ මෙම භූ කම්පනය රිච්ටර් මාපාංක පහයි දශම 9 ක් ලෙස සටන් වී ඇති බවයි.විපතට පත් පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් මේ වනවිට ආරම්භ කර තිබේ. මෙම සිද්ධීයෙන් 150 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.අසාද්‍ය තත්ත්වයේ පසුවන බොහෝ පිරිසක් රෝහල්ගත කර තිබේ. නිවාස සියයකට අධික සංඛ්‍යාවක් මෙම අනතුරෙන් කඩා වැටී තිබේ.විශාල ගොඩනැගිලි කිහිපයක්ද අනතුරට ලක්වී ඇත.මේ වනවිට සිය ගණන් පිරිසකට උන්හිටිතැන් අහිමිවී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *