සියලු පුරා විද්‍යා ස්ථාන නැරඹීමට එක් ප්‍රවේශ පත්‍රයක්

Share Button

දිවයිනට පැමිණෙන විදේශීය සංචාරකයන්ට සියලුම පුරා විද්‍යා ස්ථාන නැරඹීම සදහා මාර්ගගත ක්‍රමයට එක් ප්‍රවේශපත්‍රයක් නිකුත් කරන්නැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. සංචාරක මණ්ඩලය සමග සාකච්ඡා කර අවසන් තීරණයට එළඹෙන්නැයි මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්තළ පංචපුද්ගල කමිටුව සිය වාර්තාව භාරදීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ ඊයේ පැවැති උත්සවයේදී අගමැතිවරයා උපදෙස් දුන්නේය.

එකම ප්‍රදේශයක පිහිටි පුරා විද්‍යා කෞතුකාගාර කිහිපයක් නැරඹීමට වෙන වෙනම ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට සිදුවීමෙන් සංචාරකයෝ අපහසුතාවට පත්වෙති. ඒ අනුව පුරාවිද්‍යා කලාපයක පිහිටි කෞතාගාර සියල්ල ආවරණය වනපරිදි එක් ප්‍රවේශ පත්‍රයක් සාධාරණ මිලට හදුන්වාදීම වඩාත් සුදුසුය.

මෙතෙක් කිසිවෙකුගේ හෝ ඇස නොගැටුණු පුරාවිද්‍යා ස්ථාන මෙරට පවතී. ඒ පිළිබඳව සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නැයි අගමැතිවරයා නිලධාරීන්ට දැනුවත් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *