ජපානයේ භූ කම්පනයකින් පුද්ගලයෝ 20 දෙනෙක් තුවාල ලබති

Share Button

ජපානයේ නැගෙනහිර ප්‍රදේශයට ඊයේ ඇති වූ රිච්ටර් මාපාංක පහයි දශම 09 ක භූමි කම්පනයෙන් පසු කම්පන හටගැනිමේ අවදානමක් පවතින බව එරට බලධාරිහු පවසති. විශේෂයෙන් ටෝකියෝ අවට ප්‍රදේශයේ ජනතාව මේ පිළිබඳව වඩාත් අවධානයෙන් පසුවිය යුතුය. මෙම භූ කම්පනයෙන් සුනාමි තත්ත්වයක් හෝ ප්‍රධාන වශයෙන් හානි සිදු වි නොමැත මෙම අනතුරින් පුද්ගලයන් විසිදෙනෙකු තුවාල ලබා තිබෙ. භූ කම්පනය ඊයේ රාත්‍රියේ 11.00 ට පමණ සිදු වි තිබේ. එම අවස්ථාවේ ජනතාව නින්දේ පසුවුහ. මේ වනවිට ප්‍රදේශයේ ගමනාගමනයට බාධා පැමිණ තිබේ. ටෝකියෝ දුම්රියක් හදිසියේ නතර කිරිමට යාමේදි පීලි පැනීමට ලක්ව ඇත. එහිදි පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *