චීනය ජෛව විවිධත්ව පර්යේෂණයන්හි ප්‍රමුඛ ස්ථානයක

Share Button

ජෛව විවිධත්ව පර්යේෂණ ක්ෂේත්‍ර කිහිපයකම චීනය ලොව ඉදිරියෙන්ම සිටින බව චීන විද්‍යා ඇකඩමිය පවසයි.

එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සම්මුතියේ පාර්ශවකරුවන්ගේ 15 වන සම්මන්ත්‍රණය නිමිත්තෙන් චීන විද්‍යා ඇකඩමියේ ජෛව විවිධත්ව කමිටුව සහ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව සහ ශාක වර්ග පිළිබඳ චීන ජාතික විද්‍යා කමිටුව ඊයේ (10) Kun Ming උද්භිද විද්‍යා පර්යේෂණ ආයතනයේදී මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර, ජෛව විවිධත්ව කටයුතු අතින් චීනය ලබා ඇති වැදගත් ජයග්‍රහණ එහිදී හෙළි කළේය.

චීන විද්‍යා ඇකඩමියේ ශාස්ත්‍රඥ Wei Fuwen මහතා එහිදී පැවසුවේ ඇතැම් ක්ෂේත්‍රයන්හි චීනයේ ජෛව විවිධත්ව පර්යේෂණ මට්ටම ලෝකයේ ප්‍රමුඛ ස්ථානයේ රැඳී පවතින බවයි. විශේෂයෙන් ම චීනය නව තාක්‍ෂණය සහ ක්‍රම භාවිත කොට ජෛව විවිධත්වයේ ආරම්භය, පරිණාමය, රටාව මෙන්ම වඳවීයාමේ තර්ජනයට මුහුණ පා සිටින සතුන්, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති පද්ධති සහ ඒවායේ ආරක්‍ෂාව පිළිබඳ සිදු කළ පර්යේෂණ ලෝකයේ ප්‍රමුඛ ස්ථානයක පවතින බව හෙතෙම සඳහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *