ලංකා සතොස ලාභ ලබන තත්ත්වයට

Share Button

ලංකා සතොස ආයතනය වසර 7 කට පසුව ලාභ ලබන තත්ත්වයට පත්වෙයි. ඉතිහාසයේ වැඩිම ආදායම වු රුපියල් කෝටි 400 ක් සැප්තැම්බර් මාසයේදි වාර්තා වු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

යහපාලන රජයේ දුෂිත ක්‍රියාපිළිවෙතෙහි ගොදුරක් බවට පත්වු ලංකා සතොස ආයතනය වත්මන් රජයට භාරවුයේ රුපියල් බිලියන 20 ක අලාභයක් සමගිනි. එහෙත් තමා වෙළෙද අමාත්‍යවරයා වශයෙන් පත්වීමෙන් පසු විවිධ ව්‍යාපෘති දියත් කරමින් ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කළ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සෑම මාසයකදීිම රුපියල් මිලියන 100 කට වඩා වැඩි අලාභයක් වාර්තා කරමින් පැවැති සතොස ආයතනය මේ වසරේ ජනවාරියේ සිට සැප්තැම්බර් මාසය දක්වා රුපියල් කෝටි 3000 ක සමස්ත අලෙවියක් වාර්තා කළේය. 2019 වසරේ අදාල කාලය තුල වාර්තාවු අලෙවිය රුපියල් කෝටි 1990 කි. ලංකා සතොස ඉතිහාසයේ එක් මාසයකදි වාර්තා කල වැඩිම අලෙවිය පසුගිය සැප්තැම්බර් මාසයේදි වාර්තා වු බවත් එහි අගය රුපියල් කෝටි 400 ක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඉදිරියේදි ද සතොස ආයතනය ජනතා සුභසිද්ධිය උදෙසා තවදුරටත් සංවර්ධනය කරන බව රත්නපුර නගරයේ නව අලෙවි ශාඛාව විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *