ලිට්රෝ ගෑස් මිල යලි සංශෝධනය කෙරේ

Share Button

ලිට්රෝ සමාගම වැඩි කළ ගෑස් මිල සංශෝධනය කර තිබේ. රජය පාලන මිල ඉවත් කිරීමත් සමගගෑස් මිල වැඩි කිරීමට සමාගම ක්‍රියා කළේය. ඒ අනුව කිලෝග්‍රූම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75 කින් පහත දමා ඇත. එහි නව මිල වන්නේ රුපියල් 2675 කි. මීට ප්‍රථම එම සිලින්ඩරයක මිල සඳහන් වුයේ රුපියල් 2750 ක් ලෙසයි.

කිලෝ පහේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1071 කි. එය රුපියල් 30 කින් අඩු කර තිබෙ. කිලෝග්‍රූම් 2.5 ක සිලින්ඩරයක මිල රුපියල් 14 කින් පහත දමා ඇති අතර නව මිල වන්නේ රුපියල් 506 ක් බව එම සමාගම කියයි.

මේ අතර ලෝක වෙළෙඳ පොලේ ගෑස් මිල සීඝ්‍රයෙන් ඉහළ යාම මෙරට ගෑස් මිල වැඩි වීමට හේතු වී ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි. කිරිපිටි, සිමෙන්ති සහ පාන් පිටි මිල වැඩි කිරීමට මීට මාස ගණනාවක සිට ආනයනකරුවන් රජයෙන් ඉල්ලීම් කර තිබිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *