20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග කාලසටහන එළිදැක්වේ

Share Button

20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරගවලට අදාල තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙ.

ලබන 12 වැනිදා සිට 20 වැනිදා දක්වා එම තරග පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අයර්ලන්තය සහ පැපුවා නිව්ගිනියාව අතර තරගයත් ඕමානය සහ නැමීබියාව අතර තරගයත ස්කොට්ලන්තය හා නෙදර්ලන්තය අතර තරගයත් බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර තරගයත් හෙට පැවැත්වේ.

තරගාවලියට එක් වන සෑම කණ්ඩායමකටම පුහුණු තරග දෙක බැගින් ලබාදී ඇත. මෙම පුහුණු තරගවලින් පසු ප්‍රධාන තරගාවලියට තෝරා ගැනීමේ සුදුසුකම් ලැබීමේ තරග පැවැත්වේ. ශ්‍රිී ලංකාව ද එම තරග කාණ්ඩයට සහභාගි වීමට නියමිතයි.

මේ අතර සාෆ් පාපන්දු තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නේපාලය සහ මාලදිවයින සමත් වෙයි. ඉන්දියාව සහ බංග්ලාදේශය පිළිවෙලින් තෙවන හා සිව් වන ස්ථානවල පසු වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *